Sign In / Login
Register
Health and fitness

මුහුණු ආවරණ පමණක් ප්‍රමාණවත්ද ? Face shield | Covid 19 | Stay safe

July 21st, 2021 875 VIEWS

ලෝකයම මුහුණ දෙන දරුණු කොරෝනා උවදුර අපේ ජීවිත කාලයෙන් වසර දෙකක් පමණ තමා වෙත නතු කරගෙන අවසන්.සාර්ථක අසාර්ථකවීම්වලට මුහුණ දෙමින් ලෝකයත් හරි හරියට කොරෝනාවට එරෙහිව සටන් වදිමින් සිටියි.කොරෝනා යනු දරුණු යුද්දයක් නම් අපි ඊට මුහුණ දෙන ඊට විරුද්ධව සටන් කරන සෙබළුන් හා සමානය.සාර්ථක ප්‍රතිඵල ලැබීමට නම් වඩාත් වැදගත් වන්නේ ඔබේත් මගේත් ස්වයං හික්මීමයි.එනම් මෙය තනි තනිව ආරක්ෂාවීම තුළින් ලෝකයක් රැකගැනීමට සහය වියහැකි උවදුරකි.ඒ වෙනුවෙන් පනවා ඇති ස්වයං විධි විධාන ද කිහිපයකි.

▪️මුඛ ආවරණයක් පැළඳීම.

▪️නිතර නිතර දෑත් පිරිසිදු කරගැනීම.

▪️මීටරයක පරතරය පවත්වාගැනීම.

▪️අත්‍යාවශ්‍ය කරුණකට හැර බැහැර නොයාම.

▪️දෑත් සේදුම්කාරක ,විෂබීජ නාශක භාවිතා කිරීම.

▪️පෞද්ගලික සෞඛ්‍යය ,පෞද්ගලික පිරිසිදුකම ගැන වඩාත් සැලකිලිමත් වීම.යන කරුණු ඒ අතර වේ.

නමුත් විටින් විට මෙම පුරුදු ගිලිහීම නිසාම කොරෝනා ව්‍යාප්තිය තවත් සීඝ්‍රයෙන් සිදුවෙමින් පවතියි.ඉහත පුරුදුවලට අමතරව මුහුණ ආවරණය වන පරිදි මුහුණු ආවරණ පැළඳීම ද දැකිය හැකිය.මේ වන විට රූපවාහිනී තිරය තුළ මෙම මුහුණු ආවරණ පමණක් පැළඳීම දකින නිසාත් ,මුඛ ආවරණය සහ මුහුණු ආවරණය තුළින් කෙරෙන්නේ එකම කාර්‍යය යැයි ඇති වැරදි වැටහීම නිසාත් සාමාන්‍ය ජනයා එදිනෙදා සිය ගමන් බිමන්හිදීත් මුහුණු ආවරණ පමණක් පැළඳීම ඇතැම් අවස්ථාවලදී දැකිය හැකිය.නොදැනුවත්කම නොව මුඛ ආවරණයට සාපේක්ෂව මුහුණු ආවරණ පමණක් පැළඳීම සුවපහසු වීම ඊට ප්‍රධානතම හේතුවයි.නමුත් මුහුණු ආවරණයකින් මුඛ ආවරණයක කාර්‍යය කිසිසේත්ම ඉටුනොවන බව තරයේම කිවයුතුය.

රෝගී අයෙක්ගේ බිඳිති නිරෝගිමත් අයෙක් හා ගැටීම වඩාත් වළක්වන ආරක්ෂිත උපාංගයකි මුහුණු ආවරණ.එසේ නොමැතිව එය මුඛ ආවරණ සඳහා ආදේශකයක් ලෙස භාවිතා නොකරයි.මුහුණු ආවරණ මුල් අවස්ථාවේදී සෞඛ්‍යය කාර්‍යය මණ්ඩලය තුළ වඩාත් කැපී පෙනුනු ආරක්ෂිත ක්‍රමවේදයකි.මන්ද ඔවුන්ට රෝගීන් සමඟ ඉතාමත් සමීපව කටයුතු කිරීමට සිදුවන බැවිනි.පසුකාලීනව රෝගයේ ඇති දැඩි ව්‍යාප්තියත් සමඟ සාමාන්‍ය ජනයා අතරත් එය ප්‍රචලිතව ඇත.වැදගත්ම කරුණ නම් මුඛ ආවරණයකින් ඔබේ නාසය සහ මුඛය මනාව ආවරණය වන පරිදි මුව ආවරණයකින් එම කාර්‍යය සිදුනොවීමයි.මුහුණු ආවරණයක් පමණක් පැළඳීම යෝග්‍ය යැයි කිසිවිටෙකත් නිර්දේශ නොකරන්නේ එබැවිනි.එනම් අපේක්ෂිත ආරක්ෂාව සැපයීම එයින් සිදුනොවන බැවිනි.

කෙසේ නමුත් මුඛ ආවරණයක් ,මුහුණු ආවරණයක් පැළඳූ පමණින්ම ඔබ රෝගයෙන් ආරක්ෂිත යැයි සැලකීම කිසිසේත්ම නුවණට හුරු නොවේ.එය වැදගත්ම කරුණ වුවත් ඒ එකක් පමණි.රැකියා ස්ථානය,ඉගෙනුම් පරිසරයට ,සාමාන්‍ය සමාජයට ටිකෙන් ටික අප නිරාවරණය වූවත් මෙම මුඛ සහ මුහුණු ආවරණ පැළඳීම ආදී පුහුණු කළ සිරිත් අමතක කිරීම කිසිසේත්ම නොකළ යුතු බව සිහිතබා ගතයුතුය.

Related Articles

Swimming pools
Good Food for the heart
Ayurvedic medicine for cholesterol

LEAVE A REPLY